Friday, March 31, 2017

FM නාලිකා සහ ජංගම ෆෝන් මාපිල්ලු...!!! Fm channels and mobile phones are blood shuckers...!!!

මේ දෙක අද බල්ලයි වල්ගෙයි...එහෙම නැත්නම්..මහින්දයි හොර නඩෙයි වගේ එකට යන දෙකක් ය...ගොං කබ්බ FM නාලිකා ඔලට සවන් දෙන හැත්තට නං ..වගේ..වගක් නැතිය..FM නාළිකාවල් එයාල විසින්ම.....ජාතියේ නාලිකාව....රේඩියෝ අධිපති...ඇසුවොත් සල්ලිම තමා කියන ටොපික් කැබලි දාගෙන ....උදේ පාන්දර බුදු ශාදු දෙසුවයි කියන පිරිත් ඔලින් ...පොන්න සුමදුර හඩින් කියවනවාය...සමහර පිරිත් දුටුගැමුණු රජු ..A 4 කොලේක ලියාගෙන...ඔටුන්න අස්සේ තුන ...හතරට නවාගෙන රජකම් කෙරුවා කියනවාය...සමහර පිරිත්...කොලපත් ඔල කොටලා....මාහා සෑයවල්..දතේ පංසල්..බවුන් ඩේසං ඔලට දාල..පස් ඔලට යට කොරලලු...කෝම උනත් ඔය තැන් ඔලට කොටි නම් බෝම්බ ගැසුවාය...
මම මේ නිකමට වගේ ඕවා මතක් කොලා ඉතරය...

අපි බලමු මුං දෙගොල්ල ජනතාව ගේ ලේ උරා බොන්නේ කොහොමද කියල...
පාන්දර පිරිත් මගුලෙන් පස්සේ එය්යලාට ඉතරක් ආව දේශීය & විදේශීය news ...ස්පෝර්ට් news කියවනවාය.ඔය news යන අතරේ ..ගමේ ජනතාව විදින දුක් ගැනත් ..ජනතාවගේ voice cut දාමින් රට හමුවේ තබනවාය...ඒවාට නිසි පිළියම් යොදන තෙක් එයාල අවදියෙන් බව ..පලා බබාලට call කරලා අවවාද කොරනවය...ඉං පස්සේ ..රටේ ජඩ පත්තර ඔල තියෙන මගුල් කියවනවාය...ඒ තියෙන news ඔලට උත්තර දෙන්නෙත් FM ගිරව්ය...පුද්ගලික FM නාලිකා කාරයෝ සේරම ..පොලියෙස්ටර් ලය...උං ගේ කළු සල්ලි සුදු කරන එක කරගන්න ගමං....යහපාලන දේවලට ගෙම්බර් දානවාය...රජයට අයත් නාලිකාවල ඉන්න පොන්න සෙට් වලට..යහපාලන රජයේ.....පරාක්‍රම සමුද්‍ර වැනි ..උමා ඔය වැනි ප්‍රොජෙක්ට් තඹ පයිසෙකට නැති මගුල්ය...



Fm නාලිකා උදේ 9:00 ඉතර ඉදල....ගිරවෙක් & ගිරවියෙක් වැඩ සටහන් පටන් ගන්නවාය...ජංගම දුරකථන සමාගම් එක්කල...එයාලට ...ඩක...ඩක...ගාල sms කරන්නලු.....ගෙදරට නොමිලේ බඩු මල්ලක්....රිලෝඩ් ....අසන්නේ මොන FM ද කිව්වොත් දෝත පිරෙන්න මුදල්....ජුස් බෝතලේ මූඩිය යැව්වම ෆ්‍රිජ්.,..වොෂින් පවුඩර් හිස් පැකට් එක යැව්වම.....වොෂින් මැෂින්....මසකට එක බැගින් මාස 12 ට පජෙරෝ..ලෑන්ඩ්කෘෂර් තෑගි ලෙසට....sms පුළුවන් තරම් එවන්නලු.....එක්දාස් ගානක බඩු මල්ල දිනා ගන්න එකා sms 100 ගානක් යවල ය තා එකෙක්...පැය දෙකටම ....500/= රිලෝඩ් එකක් දිනනවාය..Two  අවර්ස් ඔලට තෑගි ලැබෙන්නේ ඩබලකට ඉතරය.. එහෙමයි පැය දෙකකට.......තෑග්ග දෙන්නට උනාට තා දාස් ගානක් sms කරනවා නහුතෙට ගම්වල ඉන්න කස්ටිය...මුං දීල තියෙන තෑගි ඔල හැටියට....මුළු ලංකාවේම ගෙවල් ඔල....ෆ්‍රිජ්..වොෂින් මැෂින්...ඇතුළු භාණ්ඩය හැම ගෙදරකම තියෙන්න ඕනය....
නාලිකා ඔල ගිරවයි..ගිරවියි....පට්ට ලෙසට වෙළද දැන්වීම් මරණ මැරිල්ලට...ඔක්කාරෙට එනවාය....ගෙඩි පොල් ගෙඩි පිටි කොරල ගත්ත කොක නට් ...පිටි කල පවුඩර් පට්ට කිරි රසයිලු....අමු පොල් මිරිකලා කිරි ගත්තම ..කිරි එක..එක රසේලු...මේවා අසද්දී මට මුං දෙන්නගේ දත් වහලු ..හිරමන තලයකින් ඇනල ගලවන්න සිතෙන වාර අනන්තය..යකෝ අමු පොල් කිරි දාපු කිරිබත....එහෙම කිරි දාපු....කිරි හොද්ද...අල හොද්ද...කොච්චර රසද....?කලටි පොල් ගාල පිටි එක්ක අනල ගුලි කොරල....තැටිය රත්වුනාම පුච්චලා ගන්න රොටිය කොපමණ රසද.....?තව මුං කියනවා....එක..එක...රසකාරක කැට දාල...දවස් 7 ට.....රස හතකින් පරිප්පු හතක් කන විදිය කියල දෙනවාය...ඉස්සර අසනීපයක් උනාම....රතුළුණු ගෙඩියක්...කරපිංචා හීනියට ලියල දාලා ..උණුවතුරෙන් දිය කරලා බීපු ...මාමයිට්....හැම රෙද්දටම දාල කන විදිය කියනවාය....කොටින්ම පුඩිං ඔලට දාල.....පුඩිං මයිට් කන්නලු...මට නං ඉස්සර ඉදලම මාමයිට් කියන්නේ ..කෘෂි රසායනික කුප්පියක් වගේය..ඉස්සර අදින රෙද්දට ද ...හිසට..කිහිලි ඔලට....යටි බඩේ ...ඉකිලි....පුසාගේ...පුකේ..හැම තැනම ගෑවේ.."සන්ලයිට්" සබන්ය......එහෙම ගාලා.....දිග වරලස එක්කල.....රෙද්දේ....හැට්ටේ ඇදල ..අවුරුදු කුමාරි තරග දිනලා සූප සුන්දරියෝ උනේ අපේ අක්කිලාය.....අද බිත්තර සාරයි...ශාක සාරයි නැති ෂැම්පු නොගා කොණ්ඩ හරි යන්නේ නැහැලු......රූපේ ලස්සනට තියා ගන්න.....කන්න...බොන්න...ගාන්න....එක..එක...දේවල් ශාක සාර ඔලින් හදපුවාය....ඔය හදන්න ගන්න ශාක ගන්න නම්....මුහුදු..ගගවල් උඩත් ඔය ගස් වවල තියෙන්න ඕනය.....අනේ මන්දය......උං සිතන්නේ.....අපිල අං තියෙන ගොං කියල වෙන්න ඇතිය...


සෙනසුරාද...ඉරිදා.....උදේට පොඩි ළමයිට sms කරලා තරග.....ඒ ළමයි දිනුව කිව්ව තෑගි මාස ගානක් ගිහිල්ලල්ත් ලැබිල නැහැල්ලු...සමහර දරුවෝ කෑගාල කියනවා....නැන්දේ....ජනවාරි වල මම දිනපු නිසා එවනවා කිව්ව තෑග්ග මට තාම ලැබුනේ නෑනේ කියනවාය....සමහර දරුවන්ට ..දෙමාපියන් එක්ක ..ඩිසිනිලන්ත චාරිකාලු...FM නාලිකා පටන් ගත්ත කාලේ ඉදල උන් ලෝකයේ දිස්නිලන්ත වලට යැව්වා නම් රටෙන් භාගයක් රටේ දරුවන් එහෙ ගොසින්ය... ඩිස්නිලන්ත තිබෙන රටක චාරිකාවකට Visa අයදුම් කරන්න ලෙහෙසි කෙනෙකුට බැරිය...එම සංචාර වලට ගොසින් නැවත ලංකාවට එන බවට තහවුරු කරන්න ඕනා වත්කම් ඇතුළු දේවල් තානාපති කාර්යාල ඔලට පෙන්වන්න ඕනය...එදා වෙලා තලු මරන්නෙත් අමාරු ගමේ දුප්පත් ජනතාවට ඔය වත්කම් කොයින්ද ඉතිං....ඔය ශත ගාන්නේ sms එකක් කියා ඒවා යවනවාය ....උදේ දැම්ම 100/= යේ Topup එක දවල් 11 වෙද්දී කුඩු වෙලා අහවරය....මුං දෙගොල්ල ජනතාව ගසා කන එක පැත්තකය......



සුවාබාවික විවසනයක් වෙච්චි ගමං එයිට එහාය......මෙම නාලිකා ජනතාවගෙන් ආධාර ඉල්ලනවා.....ජනතාවත් බුරුතු  පිටින් වියලි කෑම..බිම..රෙදි..කොට්ට..මෙට්ට..පැදුරු...හට්ටි..මුට්ටි..බාල්දි...පෝලිමේ  ගොසින් බාර දෙනවාය ....Bank A / C ඔලට සල්ලි දාන්න කියනවාය ....හිත උණු වෙන මිනිස්සු ඉන්න රටේ.....අඩු ගැනේ 100/=  අරි දානවාය......මේවාට මොනවා වෙනවද කියල කවුරුත් හරියට දන්නේ නැතිය ....දැනගන්න ඕන කමකුත් නැතිවා වාගෙය......ඔය තෑගි දෙන ඒවා.....ආධාර බෙදීම්...මුදල් එකතු කීරීම ආදිය නියාමනය කරන්න රජයේ ආයතනයක් නැතිද මන්දය..........



ලැබෙන ආධාර උන්ගේ වගේ....උන්ගේ නම ගසපු නාලිකා වාහන වලින් රැගෙන ගොස් බෙදනවාය බෙදන්න යන වියදම් දරන්නෙත් ......බැංකු.....ලොතරැයි ....රජයේ අනුග්‍රහ ආයතන  & පුද්ගලික සමාගම් වල  වියදමිනි ....උන්ගේ වෙළද දැන්වීම් ප්‍රචාරය කරමින් ලක්ෂ ගණනින් මුදල් අය කරගෙන ගමින් ගමට ගොසින් උන්ගේ ඒවා වගේ බෙදනවාය...තව අනන්තවත් මුන්ගේ ගසා කන විදි තියෙනවාය..ජනතාව සූරා කන විදිය ගොං ජනතාව දන්නෙම නැහැ ..... ජංගම දුරකථන කොම්පැණි කාරයෝ එක්කල හිටං.....!!!!ම 

16 comments:

  1. මෙන්න කෙන්ජයියෙ ඔය ජංගිම දුරක තන කාරයින්ගෙ රිංගින් ටෝන් මාෆියාව ගැන ගස්ලබ්බගෙ සත දෙක.
    හොටු කා කඳුළු බොමින් වැල ඇදීම
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැන් යන ලොකුම මාෆියාවක් ඒක. සින්දුවක් ජනප්‍රිය කරන්න වෙනම මේ අය කොම්පැණිත් හදාගන තියෙන්නේ

      Delete
    2. දැන් හැම රෙද්දම මාෆියා වෙලා බන්ස්ලා.....

      Delete
    3. අප්පට උක ....GL ...තෝ පට්ට ලෙසටම ලියලනේ.....පොඩ්ඩක් ඉදු.....Wall එකේ දාමු කස්ටියට බලාගන්න.....thnx .....

      Delete
  2. මෙව්වට උත්තර දුන්නොත් අයියේ ජොබට කෙළවෙනවා බං. කියන සියල්ල ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් ...බං...ඕක අමුතු දුපතක් නේ.....සාගරෙන් වට උන....!

      Delete
  3. මුලු රටේම පාලනය මාධ්‍ය අධිරාජ්‍යවාදීන් කීපදෙනෙක් අතට යන එක නවත්තන්න බැරිවෙයි මේ යනවිදිහට. ඉස්සර සිංදුවක් හීනියට අහගන රෑට නිදාගන්න පුරුදුවෙලා හිටියා මම , හැම චැනල් එකකම පිරිත් යන්න පටන්ගත්තට පස්සේ රේඩියෝ අහන එක නතරකලා. ඕවා අහගන ඉඳලා නින්දෙන්ම නිවන් ගියොත් කාට කියන්නද....

    ReplyDelete
    Replies
    1. එළිවෙන පුරා පිරිච් .....රට පුරාම .....කැරි ..............වැඩ ......කියල වැඩක් නැහැ බං.......!

      Delete
  4. අම්මෝ කෙන්ජි ඇවිත්. ලියපන් මචො ලියපන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්....ලියන්න සිතුවා බොක්කා.....ආයතන වල වෙන කැරි වැඩ දන්නවා නම් එවපන්....,..ලියන්න....

      Delete
  5. රටකට ඕනෑ අපමණ අගයක්. ඒකට ඕනෑ කෙන්ජී යුගයක්

    ReplyDelete
    Replies
    1. ඒමද තුදූ.............උයා කොන්ඩ පටියක් නේද......උම්මා....අරබන්නම් උයා කිනාවානම් මනිකි.......!

      Delete
  6. කෙන්ජයියේ කෝ බන් ටෝ පටන් ගත්තා විතරද උත්තර ලියපන්කෝ බං මේ කමෙන්ට් වලට.

    ReplyDelete
    Replies
    1. අම්බෝ......තොගෙන් බේරුමක් නැහැනේ.....උඹ දන්නවනේ.....මම රිප්ලයි නොකරන බුවෙක් නෙමේනේ....පොඩි තාක්ෂණ දෝෂ වගයක් තිබ්බ...මගේ තාක්ෂණ නිලධාරිච්චියෝ ඊයේ තමා ගොඩ දැම්මේ..!

      Delete
  7. අහන්නෙ වාහනේ යනකොට විතරයි. ක්‍රිකට් කමෙන්ටරි එකක් නැත්නම් එක චැනල් එකක් විනාඩි 5කට වඩා අහන්නෙ නෑ. ඒත් නිවුස් හෝ ජෝක්ස් විතරයි

    ReplyDelete